Friday, September 20, 2024

General line - 0115112241

නිමල් බෝපගේ ගේ ‘කොන්ද’ ගැන ඒකාබද්ධ විපක්ෂය කතා කරයි




පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පිරිසකට සුඛෝපභෝගී වාහන කුලී පදනම මත ලබාදීමේ කැබිනට් පත‍්‍රිකාවට අත්සන් නොකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේට සිය ප‍්‍රණාමය පළ කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

ඩලස් අලහප්පෙරුම මන්ත‍්‍රීවරයා එම අදහස් පළ කළේ කොළඹ අද (21) පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම සඳහන් කළේ “ගමේ භාෂාවෙන් කිව්වොත් තමන්ට කඩේ යන මන්ත්‍රිවරු 58 දෙනෙකුට තීරු බදු නිදහස සහිත බලපත්‍රයට අමතරව තව වාහනයක්. මේක කැබිනට් මණ්ඩලය අනුමත කළ බව කිව්වා. තාක්ෂණික කමිටුව පවා මේක ප්‍රතික්ෂේප කළා. එතකොට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා කිව්වේ වාරික 60 කට බලපාන ලෙස මුදල් අය කරගන්න මේකට මට අත්සන් කරන්න බැහැ කියලා. මාස 60 න් දැන් මාස 24 ක් ගෙවිලා ඉවරයි. මාස 45 කට නම් ඔහු පුළුවන් කියලා කිව්වා. රාජ්‍ය නිලධාරියෙකු ලෙස ඔහු ඒක ප්‍රතික්ෂේප කළා. පස්සේ ඔහුට අගමැතිවරයා විසින් දී තිබූ නියෝගය වුණේ..අත්සන් කරන්න නැත්නම් යන්න. ඒ නිසා නිමල් බෝපගේ මාධ්‍ය කැඳවලා මේක කිව්වා. රාජ්‍ය නිලධාරියෙක් විදිහට එතුමා ප්‍රදර්ශනය කරන කොන්ද පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයේ ගෞරවය එතුමට හිමි වෙනවා.” යනුවෙනි.