Friday, September 20, 2024

General line - 0115112241

පහර කෑ අයට වන්දි




පෞද්ගලික බස් වැඩවර්ජනයක යෙදුණු ඉකුත් පළමුවෙනිදා සේවයේ යෙදී සිටියදී පහරදීම්වලට ලක්වූ ශ‍්‍රී ලංගම සේවකයින්ට සහ මගීන්ට අද (21) වන්දි ප‍්‍රදානය කෙරුණා.

ඒ, ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප‍්‍රධානත්වයෙන් නාරාහේන්පිට පිහිටි ශ‍්‍රී ලංගම ප‍්‍රධාන කාර්යාලයේ පැවති උත්සවයකදීයි.

පහරදීමකට ලක්ව රෝහල්ගතව සිටි යුද හමුදා සාමාජිකයාට රුපියල් පනස් දහසක වන්දි මුදලක් මෙහිදී ප‍්‍රදානය කෙරුණා.

තවත් මගීන් තුන් දෙනෙකුට, ශ‍්‍රී ලංගම රියදුරන් 18 දෙනෙකුට සහ කොන්දොස්තරවරයෙකුට ද වන්දි ප‍්‍රදානය කෙරුණු බවයි ප‍්‍රවාහන අමාත්‍යංශය පවසන්නේ.

ඔවුන්ගෙන් ඇතැම් අයට රුපියල් විසි පන්දහස බැගින් ද සෙසු අයට රුපියල් විසි දහස බැගින් ද වන්දි ප‍්‍රදානය කෙරුණා.