Friday, September 20, 2024

General line - 0115112241

රත්නසිරි වික්‍රමනායක රෝහලේ




ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරයකු ද ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයකු ද වූ හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක සඳහන් කළේ  මේ වන විට ඔහුව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවයි.

මීට සති පහකට පමණ පෙර ඔහුව රෝහල් ගත කර ඇති අතර පසුව සුවය ලබා නිවෙස බලා යෑමට සූදානම් වූ පසු යළි අසනීප වී තිබෙනවා. ඒ අනුව ඊයේ (20) ඔහුව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණා.