Friday, September 20, 2024

General line - 0115112241

ගොඩ ගැසුණු ලිපි දින 2ක් තුළ ඛෙදීමේ සැළැස්මක්




දින 2ක සිය වැඩවර්ජනය හේතුවෙන් ගොඩගැසී තිඛෙන ලිපි සියල්ල දින 2ක් ඇතුළත ඛෙදා අවසන් කරන බව තැපැල් වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසුවේ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ පමණක් ලිපි ලක්ෂ 15ක් පමණ එලෙස ගොඩගැසී ඇති බවයි.

සිය වැඩවර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ බවද ඒ අනුව සියලූ තැපැල් සේවකයින් අද සුපුරුදු පරිදි සේවයට වාර්තා කරන බවද චින්තක බණ්ඩාර සඳහන් කළා.

තැපැල් සේවකයින් මෙම වැඩවර්ජනය සිදුකළේ ඉල්ලීම් 7ක් මුල්කර ගනිමින්.

ඒ පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ද ඔවුන් ඊයේ සංදේශයක් භාරදුන්නා.

ඉල්ලීම් ඉටුකිරීමට ආණ්ඩුවට දින 14ක කාලයක් ලබාදෙන බවයි තැපැල් වෘත්තීය සමිති එකමුතුව වැඩිදුරටත් කියා සිටියේ.

එම කාලය තුළ ද යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කරන බව ඔවුන් කියා සිටියා.