Thursday, May 2, 2024

General line - 0115112241

හැව්ලොක් සිටි ව්‍යාපෘතියේ තවත් අදියරක් ඇරඹෙයි




හැව්ලොක් සිටි ව්‍යාපෘතියේ තවත් අදියරක් ඊයේ (28) ආරම්භ කෙරුණා.

කාර්යාල සහ සාප්පු සංකීර්ණ මේ යටතේ ඉදිකිරීමට නියමිතයි. ඒ පිළිබඳ වැඩිදුර කරුණු දැක්වූ මෙම ව්‍යාපෘතිය මෙහෙයවන ඕවර්සීස් රියැලිටි සමාගමේ ප‍්‍රධාන වාස්තු විද්‍යාඥ සේනක ධර්මකීර්ති සඳහන් කළේ කාර්යාල සඳහා ලක්ෂ 06 ක වර්ගඅඩි ප්‍රමාණයක්ද සාප්සු සංකීර්ණය සඳහා ලක්ෂ 02 ක වර්ගඅඩි ප්‍රමාණයක්ද වෙන් කර ඇති බවයි.

ඉදිකිරීම් අවසන් වීමෙන් පසු හැව්ලොක් සිටි කාර්යාල සහ සාප්පු සංකීර්ණය ශ්‍රී ලාංකිකයින් විසින් පුංචි ස්වර්ගයක් ලෙස හඳුන්වනු ඇතැයි ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මෙම ව්‍යාපෘතියේ පළමු අදියර වන්නේ මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරීමයි. නිවාස ඒකක 1500 කින් යුත් එම මහල් නිවාස සංකීර්ණය ඉදිකිරීම මීට පෙර ආරම්භ කෙරුණා.