Thursday, May 2, 2024

General line - 0115112241

ලංකා බැංකුව සුවිශේෂ වූ සේවාවක් හදුන්වා දෙයි




ලංකා බැංකුවේ ගණුදෙනුකරුවන් සදහා වූ විශේෂ සේවාවක් ඊයේ හදුන්වා දුන්නා.

ඒ, බ්‍රාන්ච් ඔන් වීල්ස් නමින් ජංගම බැංකු සේවා රථ දෙකක් එළි දක්වමින්.

ඒ පිළිබද අදහස් දැක්වූ ලංකා බැංකුවේ මහා කළමණාකරු ඩී එම් ගුණසේකර පැවසුවේ දිවයින පුරා ජංගම බැංකු සේවා රථ 10ක් හඳුන්වා දෙන බවයි.

එමගින් නවීන බැංකු කටයුතු සියල්ලම ඉතා පහසුවෙන් සිදුකරගත හැකි බවද ඔහු පැවසුවා.