එක් පාසලක් තුළ සෑම ජන වර්ගයකම ළමුන්ට අධ්‍යාපනය ලැබීමට හැකිවන පරිදි නව සංදේශයක් ඉදිරියේ දී ඉදිරිපත් කරන බව ජාතික සංහිදියා සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා.
ඔහු කියා සිටියේ සිංහල, දෙමළ සහ මුස්ලිම් යන සියලූ ජාතීන්ට අයත් ළමුන්ට එකම පාසලකින් අධ්‍යාපනය ලැබිය හැකි වාතාවරණයක් සකස් කළ යුතු බවයි.
මෙවැනි තීරණයක් හෝ නෙගෙන ජාතීන් අතර සමගිය පිළිබද කතා කිරීම පලක් නොවන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
අමාත්‍ය මනෝ ගනේෂන් මෙම අදහස් පල කළේ ගාල්ල උඩුගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.