ජාතික නිදහස් දින උළෙල සදහා පැවැත්වෙන පෙර පුහුණුවීම් හේතුවෙන් මාර්ග කිහිපයක් තාවකාලිකව වසා දැමෙන බව පොලිසිය පවසනවා.
ඒ අනුව හෙට සහ අනිද්දා උදෑසන හතේ සිට පුහුණුවීම් අවසන් වන තෙකේ ගෝල්ෆේස් වටරවුමේ සිට පරණ පාර්ලිමේන්තුව දක්වා මාර්ගය වසා තැඛෙනු ඇති.
මීට අමතරව පෙබරවාරී පළමු වනදා, දෙවනදා සහ තුන්වනදා උදෑසන අටයි තිහේ සිට පුහුණුවීම් අවසන් වන තුරු අදාළ මාර්ගය වසා තැබීමට නියමිතයි.