Saturday, December 28, 2024

General line - 0115112241

බැසිල්ගේ ගම්පහ ඉඩම ගැන නඩුව කල් යයි




හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට අයත් බව කියන ගම්පහ ඔරුතොට පාරේ ඉඩමට අදාළ නඩුවට මෙතෙක් නීතිපති උපදෙස් ලැබී නැහැ.

නඩුව ගම්පහ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ඩී.ඒ. රුවන්පතිරණ ඉදිරියේ අද (27) විභාගයට ගැණුනු අවස්ථාවේදී මේ බව අනාවරණ වුණා.

ඒ අනුව මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේ මැයි මස 05වනදා දක්වා නඩුව කල් දැමීමටයි.

ඉකුත් වසරේ ජූලි මස 15වනදා නිතිපතිවරයා වෙත අදාළ නඩුවේ උදෘත යොමු කර ඇති බවයි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණය හමුවේ කියා සිටියේ.