Saturday, December 28, 2024

General line - 0115112241

වකුගඩු ජාවාරමට සම්බන්ධ ඉන්දියානුවන් පස් දෙනෙකුට චෝදනා ගොනු කෙරේ




වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ඉන්දිය ජාතිකයන් පස් දෙනෙකුට එරෙහිව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේදි අද (27) චෝදනා ගොනු කෙරුණා. ඒ කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණය හමුවේ කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

වළංගු වීසා නොමැතිව ශ‍්‍රී ලංකාවේ රැඳී සිටීම හා මිරිහාන රැඳවුම් කඳවුරෙන් පළා යාම ඔවුන්ට එරෙහි චෝදනා වනවා.

සැකකරුවන් පෙබරවාරි පස්වනදා දක්වා බන්ධනාගාරගත කෙරුණා.