Tuesday, September 17, 2024

General line - 0115112241

කුලියාපිටියේ ‘වොක්ස්වැගන් කර්මාන්තයට සහ පුහුණු පාසැලට’ මුල්ගල තබන දිනය මෙන්න



කුලියාපිටිය ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව සඳහා සැප්තැම්බර් මස මුල් සතියේ මුල්ගල තැබීමට නියමිතයි.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පෙන්වා දෙන්නේ වාහන නිෂ්පාදන පුහුණු මධ්‍යස්ථානයක් ද වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවට සමගාමීව ආරම්භ කරන බවයි.

එමගින් පුහුණුව ලබන පිරිස් සඳහා මෙරට මෙන්ම විදෙස් රටවල රැකියා අවස්ථා හිමි වන බව ද අමාත්‍යවරයා පවසනවා.

වොක්ස්වැගන් එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවේ  මූලික සැළසුම් සැකසීම මේ වන විට සිදුවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මෙම සමාගම මගින් එන්ජින් ධාරිතාව 1000 සහ 2000 වර්ගයට අයත් ඩීසල් වාහන එකලස් කිරීමට නියමිත අතර එහිදී passenger cars, Sport Utility Vehicles (SUV), Multi Utility Vehicles (MUV) ආදිය එකලස් කිරීමට නියමිතයි.