Monday, April 29, 2024

General line - 0115112241

ඕස්ටේ‍්‍රලියානු ටෙනිස් කිරුළ රොජර් ෆෙඩරර් දිනා ගනී




ස්පාඤ්ඥ සුපිරි කී‍්‍රඩක රෆායල් නඩාල් පරාජය කරමින් මෙවර ඕස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් කිරුළ දිනා ගැනීමට ස්විස්ටර්ලන්තයේ රොජර් ෆෙඩරර් අද (29) සමත් වුණා.

රොජර් ෆෙඩරර් ඕස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් ශූරතාව දිනා ගත් 5 වන අවස්ථාව මෙයයි. ඔහු අවසන් මහ තරගය වට 3ට දෙකක් ලෙස ජය ගැනීමට සමත් වුණා.

පළමු වටය 6 – 4ක් ලෙස රොජර් ෆෙඩරර් ජය ගත් අතර දෙවන වටය 6 – 3ක් ලෙස රෆායල් නඩාල් ජය ගත්තා. තුන්වන වටය 6 -1ක් ලෙස ජය හිමිකර ගත්තේ රොජර් ෆෙඩරර්.

සිවුවැනි වටයේ රොජර් ෆෙඩරර්ට අභියෝගයක් එල්ල කළ නඩාල් එම වටය 6 – 3ක් ලෙස ජය ගත් ගත්තා. තීරණාත්මක අවසන් වටය 6 – 3ක් ලෙස ජය ගනිමින් රොජර් ෆෙඩරර් මෙවර ඕස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් කිරුළ තමන් සතු කර ගැනීමට සමත් වුණා.

01

මේ වන විට ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල 17 වන ස්ථානයේ පසුවන ඔහු දිනා ගත් 18 වැනි ග‍්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාවද මෙය වනවා.

01 (1) 01 (2) 01 (3) 01 (4) 01 (5) 01 (6) 01 (7) 01 (8) 01 (9) 01 (10) 01 (11) 01 (12)