Tuesday, September 17, 2024

General line - 0115112241

IS සංවිධානයේ ‘ෆාතිමා සහ ඊෂා’ ලංකාවට ඇවිත් ගිය ගමනේ තොරතුරු මෙන්න



IS සංවිධානයට බැඳුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ යුවළක් (ෆාතිමා සහ ඊෂා) මාස දෙකකට වැඩි කලක් ශ්‍රී ලංකාවේ නැවතී සිටීමෙන් පසු අතුරුදන් වී ඇතැයි යන පුවත මේ වන විට වඩාත් අවදානයට ලක්ව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වාර්තාකර තිබුණේ ඉන්දියාවේ INDIAN EXPRESS පුවත්පතයි.

ඉන්දීය බුද්ධි අංශවලට අනුව ඉස්ලාමීය අධ්‍යයනයන් සඳහා ශ්‍රී ලංකාව කේන්ද්‍රස්ථානයක් වී ඇති අතර විශේෂයෙන්ම වහබිසම් (Wahhobism) නම් ඉස්ලාමීය දහම අදහන සලාෆි (Salafi) ඉස්ලාමීය නිකායේ තෝතැන්නක් වී ඇති බවයි පැවසෙන්නේ.

ඉස්ලාමීය රාජ්‍යයට (IS) බැඳී ඇතැයි කියන කේරළ යුවළ තමිල්නාඩුවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි බවත් ඔවුන් දෙමසක් මෙහි ගත කිරීමෙන් පසුව කොච්චි (Kochchi) කරා ගිය බවත් නම හෙළිදරවු නොකරන ප්‍රකාශකයකු ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පතට සඳහන් කර තිබෙනවා.

මාධ්‍ය මඟින් හෙළිදරවු කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පොලිසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වූ බවත් ශ්‍රී ලංකාවේ පොලිස් ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා එම යුවළ ශ්‍රී ලංකාවට පැමිණි බව ප්‍රතික්‍ෂේප කර ඇති බවත් ඉන්දීය පුවත්පත පවසනවා.

තමා බුද්ධි අංශවලින් විමසූ අතර එවැනි කේරළ යුවළක් රටට ඇතුළු වූ බවට හෝ ශ්‍රී ලංකාවේ තාවකාලිකව නැවතී සිටි බවට හෝ තොරතුරක් නැති බවත් අජිත් රෝහණ මහතා තවදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

එසේම ශ්‍රී ලංකාවේ පිහිටි සලාෆි පදනමේ නිලධාරියකු සඳහන් කර ඇත්තේ ශ්‍රී ලාංකිකයන් නොවන අය එහි පැමිණි බවට තොරතුරක් තමා වෙත නැති බවයි.

මීගමුවේ පිහිටි සලාෆි මැඳුර නිවෙසක පිහිටි කුඩා ස්ථානයක් බවද ඔහු කියා තිබෙනවා.

14365636976-L