Friday, April 26, 2024

General line - 0115112241

කැනඩාව කැළඹු ප‍්‍රහාරය ත්‍රස්තයින්ගේ සැළසුමක් බව හෙළිවෙයි (UPDATE)




කැනඩාවේ කියුබෙක් නගරයේ මුස්ලිම් දේවස්ථානයට එල්ල වූ ප‍්‍රහාරය ත‍්‍රස්ත ප‍්‍රහාරයක් බව එරට අග‍්‍රාමාත්‍ය ජස්ටින් ටෘරේඩු පවසනවා.

අදාළ ප‍්‍රහාරය හෙළා දකින බවයි නිවේදනයක් නිකුත් කරමින් කැනඩා අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කර ඇත්තේ. සන්ධ්‍යා දේව මෙහෙයක් පැවැත්වෙමින් තිබියදී තුවක්කුකරුවන් තිදෙනෙකු එල්ල කළ එම ප‍්‍රහාරයෙන් පුද්ගලයන් හය දෙනෙකු මිය ගියා.

තුවාල ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව 08 ක්. ප‍්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය අනාවරණ කළා.


කැනඩාව කැළඹු ප‍්‍රහාරයට දෙදෙනෙක් අත්අඩංගුවට

(Jan 30, 2017 @ 13:33)

කැනඩාවේ කියුබෙක් නගරයේ ඉස්ලාම් දේවස්ථානයකට එල්ල වූ ප‍්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව හයක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. තුවාල ලබා ඇති සංඛ්‍යාව 08ක්.

ප‍්‍රහාරය එල්ල වී තිබුණේ දේවස්ථානයේ සන්ධ්‍යා දේව මෙහෙය පැවැත්වෙමින් තිබියදීයි.

ඒ වනවිට පුද්ගලයින් 40 දෙනෙකු එහි රැඳී සිට තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තුවක්කුකරුවන් තිදෙනෙකු ප‍්‍රහාරය එල්ල කර ඇති බවයි.

මේ අතර මෙම ප‍්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් රඳවාගෙන ප‍්‍රශ්න කිරීම් සිදු කරනවා.

3500

Canadian police officers respond to a shooting in a mosque at the Québec City Islamic cultural center on Sainte-Foy Street in Quebec city on January 29, 2017. Two arrests have been made after five people were reportedly shot dead in an attack on a mosque in Québec City, Canada. / AFP / Alice Chiche (Photo credit should read ALICE CHICHE/AFP/Getty Images)