Tuesday, September 17, 2024

General line - 0115112241

යාපන සරසවි ගැටුමේ සැබෑ සුලමුල මෙන්න!



අද දින (16) යාපනය සරසවියේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් ඇති වූ අතර මෙම ගැටුමෙන් සිසුන් කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකළ බව වාර්තා වුණා.

මේ හේතුවෙන් යාපනය සරසවියේ විද්‍යා පීඨය තාවකාලිකව වසා දමා තිබෙනවා.

එම විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ පළමු වසර සිසුන් පිළිගැනීමට සංවිධාන කර තිබූ උත්සවයකදී මෙම ගැටුම හටගෙන ඇති බවයි උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා සඳහන් කළේ.

කෙසේ වෙතත් මෙම ගැටුම පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට අප යාපනය සරසවියේ විද්‍යා පීඨයේ සිසුවෙකු හා සම්බන්ධ වූණා.

ඔහු පලකළ අදහස් අනුව සිද්ධිය සැකවින් මෙසේය.

යාපනය සරසවියේ විද්‍යා පීඨයේ නවක සිසුන් පිලි ගැනීමේ වාර්ෂික උත්සවයකි.එහිදී මෙතෙක් පැවති ක්‍රමය වී තිබෙන්නේ ඉන් කොටසක් සිංහල ක්‍රමයටත් අනෙක් කොටස දෙමළ ක්‍රමයටත් පැවැත්වීමයි.ගැටුමට මූලික හේතුව වී ඇත්තේ සිංහල සංස්කෘතික (වෙස් නැටුම) නර්තනය දෙමළ ශිෂ්‍යයන් විසින් පැවැත්වීමට ඉඩ නොදීමයි.පසුගිය දිනෙක
දෙමළ ශිෂ්‍යයන් පවසා ඇත්තේ මෙය පැවැත්වීමට සිංහල ශිෂ්‍යන්ට ඉඩ නොදෙන බවකි.කෙසේ වෙතත් මෙම නර්තනය
මෙතෙක් පවත්වා ගෙන ආ ක්‍රමය නිසා විරෝධය නොතකා සිංහල ශිෂ්‍යන් මෙය පැවැත්වීමට පියවර ගෙන ඇත.අනතුරුව මෙම නර්තනය පැවැත්වෙන අවස්ථාවේදී දෙමළ ශිෂ්‍යයන් කිහිප දෙනෙකු එතැනට කඩාවැදි එම නර්තනය ඉදිරිපත් කළ සිංහල ශිෂ්‍යයන්ට පහර දී ඇත.

අනතුරුව ගැටුම සමථයකට පත්කළ නොහැකි තැන සිංහල ශිෂ්‍යයන්ද පෙරළා පහර දීම නිසා පහරදීමට පැමිණ දෙමළ ශිෂ්‍යයන් එතැනින් ඉවත් වී ගොස් ඇති අතර පසුව ගල් මුල් යකඩ පොලු අතැති විශාල දෙමළ ශිෂ්‍යයන් පිරිසක් පැමිණ සිංහල ශිෂ්‍යයන්ට පහර දී ඇත.සිද්ධියෙන් ශිෂ්‍යයන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති අතර එක් අයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇත.අනතුරුව විද්‍යා පීඨයේ සිංහල ශිෂ්‍යයන් පොලිස් ආරක්ෂාව මැද නේවාසිකාගාර තුළට යවා ඇති අතර තත්වය දිගින් දිගටම අයහපත් අතට පෙරලීම නිසා පොලිස් ආරක්ෂාව මැද බස් රථ යොදාගෙන ඔවුන් වව්නියාව දක්වා ගෙන ඒමට මේ වනවිට පියවර ගනිමින් ඇත.

කෙසේ වෙතත් මෙය වර්ගවාදයක් දක්වා තල්ලු නොකර ගැටුම සමනය කිරීමට කවුරුත් මැදිහත් විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතා ෆේස්බුක් සටහනක්ද පලකර තිබුණා.

345345

ගැටුමේ ඡයාරූප පහතින්

13718794_1729471543961766_8366920747920406790_n 13692677_1729471473961773_328768886970974439_n