Sunday, November 10, 2024

General line - 0115112241

“රෝගීන්ට පීඩා කිරීමට අපිට අවශ්‍ය නැහැ” (UPDATE)




මේ රටේ වෛද්‍යවරු වෘත්තිය ක්‍රියාමාර්ගයක් වෙත ගමන් කරන්නේ අනෙක් සියලු උත්සහයන් අසාර්ථක වූ කළ බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද පැවසුවා.

එහෙත් අත්‍යාවශ්‍ය සේවා බිඳ වැටීමට ඉඩ නොතබන බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ. නෙත් එෆ්.එම්. අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව පෙන්වා දුන්නා.

කෙසේවෙතත් රටේ ජනතාව හමුවේ වෛද්‍යවරු අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් ඇතැම් ගැටළුවලට බලධාරීන් විසින් හිතාමතාම විසඳුම් ලබා දීමෙන් වැළකී සිටින බවත් ඔහු සඳහන් කළා.

වෛද්‍යවරු වෘත්තිය ක්‍රියාමාර්ගවලට එළඹීමේදී අවම වශයෙන් රෝගීන්ට පීඩා ඇතිවන පිරිදි එය සිදු කිරීමට සෑම විටම වගබලා ගන්නා බවද ඔහු වැඩි දුරටත් පැහැදිළි කළා.


“අක්ෂි සැත්කම් පොරොත්තු ලේඛනය තවත් වැඩි වුණා”

( Feb 7, 2017 @ 20:38)

අක්ෂි සැත්කම් සම්බන්ධයෙන් අක්ෂි කාච රජයෙන් ලබාදීමට රජය ගත් හදිසි තීරණය නිසා මේ වන විට අති විශාල පොරොත්තු ලේඛනයක් ඇති වී තිබෙන බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය රෝගීන් අවධානමේ හෙළීමට සමත් වී ඇති බවයි.

මේ වන විට විකාශය වන නෙත් එෆ්.එම්. අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින් ඔහු වැඩි දුරටත් සඳහන් කළේ අක්ෂි සැත්කම් අඩාල වීමෙන් ඇති වූ බලපෑම තවමත් සමනය වී නොමැති බවයි.


පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නිසා ඉන්දියාවේත් ගුණාත්මකභාවය නැහැ

(Feb 7, 2017 @ 20:15)

ඉන්දියාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල රාශියක් බිහිවීම තුළ අද ලෝකය පුරා ඉන්දීය වෛද්‍යවරු වෙත ඇති පිළිගැනීම සීඝ්‍රයෙන් අඩු වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද දැන් විකාශය වන නෙත් එෆ්.එම්. අන්ලිමිටඞ් වැඩසටහනට හා එක්වෙමින් සඳහන් කරන්නේ අද වන විට ඉන්දියාව අඩු සුදුසුකම් සහිත වෛද්‍යවරුන්ගෙන් පිරී ගොස් ඇති බවයි.

ඒ නිසා ඉන්දියාවේ වෛද්‍යවරුන් ලෝකය හමුවේද අපහසුතාවයට පත් වෙමින් ඇති බවත් සඳහන් කළා.


වෛද්‍ය සමන්ත ආනන්ද අද ‘අන්ලිමිටඩ්’ සාකච්ඡාවට

(Feb 7, 2017 @ 19:01)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද අද රාතී‍්‍ර 7.30 සිට ප‍්‍රචාරය කෙරෙන නෙත් එෆ්.එම්. අන්ලිමිටඞ් වැඩසටහනට සහභාගි වනවා.

සයිටම් ආයතනය පිළිබඳවත්, අක්‍ෂි සැත්කම් සම්බන්ධයෙන් ඇති වී තිබෙන මතභේදාත්මක තත්ත්වය පිළිබදවත් එහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.