Saturday, July 27, 2024

General line - 0115112241

අද තරගය දෙපිළටම තීරණාත්මක වෙයි




සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප‍්‍රිකාව අතර පැවැත්වෙන 5 වන සහ අවසන් එක්දින ක‍්‍රිකට් තරගය අද (10) පැවැත්වෙනවා.

ඒ, සෙංචූරියන් ක‍්‍රීඩාංගණයේදීයි. තරගාවලියේ මෙතෙක් පැවති තරග හතරම ජයගැනීමට දකුණු අප‍්‍රිකාව සමත්ව සිටිනවා.

ඒ අනුව ඔවුන් අද තරගයට පිවිසෙන්නේ 5 ට බින්දුවක් ලෙස පූර්ණ තරගාවලි ජයක් ලබාගැනීමේ අරමුණින්.

මෙම තරගය ජයගතහොත් දකුණු අප‍්‍රිකාවට ලොව අංක එකේ එක්දින කණ්ඩායම බවට පත්වීමට ද අවස්ථාවක් පවතිනවා.

ශ‍්‍රී ලංකාව අද තරගයට එක්වන්නේ තරගාවලියේදී ගිලිහුණු අභිමානය යළි රැකගැනීමේ අරමුණින්. හතරවන එක්දින තරගයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම ඉහළ දක්ෂතා දැක්වීම හේතුවෙන් අද තරගය උණුසුම් මුහුණුවරක් ගනු ඇති බවයි ක‍්‍රීඩා විචාරකයින් පවසන්නේ.

තරගය ශ‍්‍රී ලංකා වේලාවෙන් සවස 5.00 ට පමණ ආරම්භ වීමට නියමිතයි.