Saturday, July 27, 2024

General line - 0115112241

දෘශ්‍යාබාධිත 20/20 ලෝක කුසලාන අවසන් තරගයට ඉන්දියාව තේරෙයි




පන්දුවාර විස්සයි විස්ස දෘශ්‍යාබාධිත ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම අද (10) සමත් වුණා. ඒ, ශ‍්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක‍්‍රිකට් කණ්ඩායම කඩුලූ 10කින් පරාජය කරමින්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19 යි පන්දු දෙකක දී සියල්ලන් දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 174 ක් පමණයි. පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 13ක දී කිසිවෙකු නොදැවී ලකුණු 175ක් රැස් කරමින් තරගයේ ජය වාර්තා කළා.

මෙම තරගාවලියේ සාර්ථකම පිතිකරුවා වූ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සුරංග සම්පත් ලකුණු 49ක් ලබා සිටිය දී දුවද්දී දැවීයාම ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පරාජයට ප‍්‍රබල හේතුවක් වුණා. මෙම තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය පාකිස්ථානය සහ එංගලන්තය අතර හෙට පැවැත්වීමට නියමිතයි.