Monday, April 29, 2024

General line - 0115112241

තුන් දින ක්‍රිකට් තරගයේ අවසන් දිනය අද




ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම සහ එංගලන්ත ලයන්ස් කණ්ඩායම අතර පුහුණු තුන් දින ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි. 

ඊයේ (13)තරගය නතර කරන විට සිය දෙවන ඉණිම සඳ හා පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම කඩුළු 04ක් දැවී ලකුණු 182ක් ලබා ගෙන සිටියා. 

පළමු ඉණිම සඳහා ඔවුන් රැස් කර ගත්තේ සියලූ දෙනා දැවී ලකුණු 153ක් පමණයි. 

ඊට පිළිතුරු වශයෙන් එංගලන්ත ලයන්ස් කණ්ඩායම ලකුණු 279ක් රැස් කර ගත්තා.