Sunday, April 28, 2024

General line - 0115112241

රක්ෂණ ක්ෂේත්‍රයේ අළුත්ම වෙනස InsureMe




ශ්‍රී  ලංකා රක්ෂණ ක්ෂේත්‍රයේ නව සන්දිස්ථානයක් සනිටුහන් කරමින් InsureMe Insurance Brokers පුද්ගලික සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රථම රක්ෂණ සැසඳුම් වෙබ් අඩවිය දියත් කරන ලදී. 

ශ්‍රී  ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය නවතම තාක්ෂණය යොදා ගනිමින් නව මාවතකට යොමු කිරීම සඳහා ශ්‍රී  ලංකාවේ ප්‍රධාන  රක්ෂණ ආයතන InsureMe  Insurance Brokers ආයතනය සමග අත්වැල් බැඳගනිමින් කටයුතු කරයි. මෙම නවතම වෙබ් අඩවිය තුළින් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් හට ප්‍රධාන  රක්ෂණ සමාගම් විසින් ඉදිරිපත් කරන රක්ෂණ විසඳුම් අදාල රක්ෂණ වාරික සමගින් සංසන්දනය කර තමන්ට වඩාත් ගැලපෙන රක්ෂණ ක්‍රමය මිලදී ගැනීමට ඉඩ ප්‍රස්ථාව සලසා දී ඇත.

Insureme.lk  වෙබ් අඩවිය තුළින් මෝටර් රථ රක්ෂණාවරණ (පූර්ණ රක්ෂණාවරණ, තෙවන පාර්ශව රක්ෂණාවරණ ), නිවාස රක්ෂණාවරණ, සෞඛය රක්ෂණාවරණ, විදේශ ගමන් රක්ෂණාවරණ යන ඕනෑම රක්ෂණයක් පැය 24 පුරාවටම මිලදී ගත හැක. මේ තුලින් කවරදාටත් වඩා පහසුවෙන්, ඉක්මනින් සහ සුරක්ෂිත ලෙස රක්ෂණාවරණයක් ලබා ගැනීමේ පහසුකම ශ්‍රී  ලාංකික ගනුදෙනුකරුවන්ට අත්වේ. 

එමෙන්ම තමන්ට ගැලපෙන රක්ෂණය තෝරාගැනීමෙන් පසුව වීසා, මාස්ටර්  සහ Amex කාර්ඩ්පත් යොදාගනිමින් සුරක්ෂිතව ගෙවීම් කල හැකි අතර, එම වාරිකය මාස 3,6,9,12 වාරික ලෙස ගෙවීමේ පහසුකමත් InsureMe ගනුදෙනුකරුවන්ට සලසා දී ඇත.

Insureme.lk වෙබ් අඩවිය ශ්‍රී  ලාංකිකයන්ට හඳුන්වාදෙනු ලබන්නේ ශ්‍රී  ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ  දශක ගණනාවක අත්දැකීම් ඇති රක්ෂණ විශේෂඥයින් කණ්ඩායමක් විසිනි. මොවුන් ප්‍රධාන පෙලේ රක්ෂණ සමාගම් තුල ප්‍රධාන කළමනාකරණ තනතුරු හෙබවූ නිලධාරීන් වූ අතර ඔවුන් සතුව ඇති  විශේෂඥ දැනුම සහ පළපුරුද්ද InsureMe ගනුදෙනුකරුවන් වෙත අසමසම සහ වෘත්තිමය සේවාවක් ලබා දීමට ඉවහල් වනු ඇත. එමෙන්ම මෙම නව්‍ය  ප්‍රවේශය ශ්‍රී  ලාංකික ගණුදෙනුකරුවන්ට නවතම අත්දැකීමක් වනු නොඅනුමානය.