Saturday, September 21, 2024

General line - 0115112241

පාසල් ගුරුවරුන් 237000කට ඇමති අකිල සුභ ආරංචියක් ගෙනෙයි




පාසල් පාදක ඇගයීම් නතර කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය ගෙන ඇති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ගුරු සංගම් සිය ප්‍රසාදය පළ කරනවා. 

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සඳහන් කළේ එම ඇගයීම් ක්‍රමය වෙනුවට මෙම වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි සරල ක්‍රමයක් හඳුන්වා දී ඇති බවයි. 

ගුරුවරුන්ට තම ශිෂ්‍යයින් සමග වැඩි කාලවේලාවක් ගතකිරීමට සැලැස්වීම මෙහි අරමුණ බවයි අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.එමෙන්ම මෙම ක්‍රමය යටතේ ගුරුවරුන්ට විශාල කොල ප්‍රමාණයක් පිරවීමට සිදුවන බවත්,237 000 පමණ ගුරුවරුන්ට මෙය හොඳ පුවතක් බවද හෙතම සඳහන් කළා.

මේ අතර පාසල් පාදක ඇගයීම් නතර කිරීම සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාර්ලින් සිය ප්‍රසාදය පළකළා.නමුත් මේ වනුවට විධිමත් ක්‍රමයක් අවශ්‍ය බවයි ඔහු සඳහන් කලේ.

කෙසේ වෙතත් ලංකා ගුරු සේවා සංගමය පවසන්නේ මෙම ක්‍රියාමාර්ගයත් සමග පන්ති කාමරය තුළ ඉගැන්වීම් කටයුතු සදහා ගුරුවරුන් සක්‍රීයව දායකත්වය ලබාදිය යුතු බවයි.