Saturday, September 21, 2024

General line - 0115112241

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කෙරෙන කාලය තුළ  විශේෂ බස් රථ සේවාවක්




මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සහ දෙහිවල අතර දුම්රිය ධාවනය නතර කෙරෙන කාල සීමාවේ දී විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබෙනවා.

අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද රාත්‍රී 10.00 සිට ලබන 27 වෙනිදා අලූයම 4.00 දක්වා කොළඹ කොටුව සිට දෙහිවල දක්වා දුම්රිය ධාවනය නතර කෙරෙනවා.

ඒ, දුම්රිය මාර්ගයේ අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන්. 

දුම්රිය ධාවනය සීමා කෙරෙන කාලය තුළ කොළඹ කොටුව සිට දෙහිවල දක්වා විශේෂ බස් රථ සේවාව ක්‍රියාත්මක වන බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රාජා ගුණතිලක නෙත් නිවුස් වෙත කියා සිටියේ.