Saturday, September 21, 2024

General line - 0115112241

මරදානේ ව්‍යාජ විදේශ රැකියා නියෝජිත ආයතනයක් වැටලේ




ගුවන් ටිකට්පත් නිකුත් කිරීමේ කාර්යාලයක් ලෙස පවත්වාගෙන ගිය ව්‍යාජ රැකියා නියෝජිත ආයතනයක් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අද වටලනු ලැබුවා.

ඒ, ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සමඟ කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගත් කාන්තාවකගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණ කරගත් තොරතුරු අනුවයි.

වැටලීමේ දී අදාළ ස්ථානයේ තිබී ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර 30 ක් සහ තවත් ව්‍යාජ ලිය කියවිලි රැසක් සිය නිලධාරීන් භාරයට ගැණුනු බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ. 

වැටලීම සිදු කෙරුණු අවස්ථාවේ දී එහි සිටි පුද්ගලයෙකු පලා ගොස් ඇති බවද එම කාර්යංශය වැඩිදුරටත් සඳහන් කළා.