Saturday, September 21, 2024

General line - 0115112241

ලක්ෂ 48ක් වටිනා මැණික් තොගයක් බැංකොක් රැගෙන යාමට උත්සහ කළ අයෙක් ගුවන්තොටේ දී අත්අඩංගුවට




රුපියල් ලක්ෂ 48ක් පමණ වටිනා මැණික් තොගයක් නීති විරෝධි ලෙස තායිලන්තයේ බැංකොක් නුවර බලා රැගෙන යාමට උත්සහ කළ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

සැකකරු කොළඹ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අයෙක්. නෙත් නිවුස් ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේ ඔහුගේ ගමන් මල්ලේ තිබී අදාළ මැණික් තොගය සොයා ගෙන ඇති බවයි. 

ගුවන් තොටුපල රේගුව සැකකරු අත්අඩංගුවේ තබාගෙන වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.