Saturday, September 21, 2024

General line - 0115112241

වව්නියාව රෝහලෙන් එච් වන් එන් වන් වෛරසය සහිත රෝගීන් දෙදෙනෙකු හඳුනා ගැනේ




වව්නියාව රෝහලෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි රෝගීන් දෙදෙනෙකුට එච් වන් එන් වන් වෛරසය වැළඳී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.

රෝහල් අධ්‍යක‍ෂ වෛද්‍ය එස්. අකිලේන්ද්‍රන් සඳහන් කළේ කිලිනොච්චියේ සිට පැමිණි රෝගීන් දෙදෙනෙකුට එලෙස වෛරසය වැළදී තිබූ බවයි. 

ඔවුන් මේ වනවිට වව්නියාව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. 

පවතින තත්වය මත රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන කුඩා දරුවන් හා ගැබිණි මව්වරුන්ට අවධානයෙන් පසුවන ලෙෂ රෝහල් අධ්‍යක‍ෂවරයා දැනුම් දීමක් ද සිදු කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.