Saturday, September 21, 2024

General line - 0115112241

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජික පිරිසක් ජනපති හමු වෙයි




සැබෑ මිත්‍රයෙකු ලෙස චීනය ඉදිරියටත් ශ්‍රී ලංකාව සමඟ සිටින බව චීන කොමියුනිට්ස් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ අමාත්‍ය සොන් තාඕ පවසනවා. 

ඔහු ඇතුළු එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් පිරිසක් අද (23) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ අවස්ථාවේ දී මේ බව ප්‍රකාශ කෙරුණා. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, චීන කොමියුනිට්ස් පක්ෂයත් අතර පවතින දීර්ඝ කාලීන සබඳතා වැඩි දියුණු කර ගැනීම පිළිබඳ චීන නියෝජිතයින් සහ ජනාධිපතිවරයා මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
 
මේ අතර චීන නියෝජිත පිරිස අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද මුණගැසුණා. 

ඒ, අරලියගහ මන්දිරයේදීයි. චීන කොමියුනිට්ස් පක්ෂය සමඟ සබඳතා ඇතිකර ගත් ශ්‍රී ලංකාවේ මුල්ම දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය වන බව චීන කොමියුනිට්ස් පක්ෂ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ අමාත්‍ය සොන් තාඕ මෙහිදී ප්‍රකාශ කළා.