Saturday, September 21, 2024

General line - 0115112241

විමල්ගේ ඉල්ලීමට සන්ධාන මහ ලේකම්ගෙන් ප්‍රතිචාර




එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ සිදු කළ ඉල්ලීම සම්බන්ධයෙන් අද දිනයේ ද පාර්ලිමේන්තුවේ දී වාද විවාද ඇති වුණා. 

එහිදී අදහස් දැක් වූ සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ ඒ සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණ තමන්ගෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකර නොමැති බවයි. 

ලිඛිතව ඒ පිළිබඳ ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත් ඊට අදාළව ඉදිරි කටයුතු සිදු කළ හැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.