Saturday, September 21, 2024

General line - 0115112241

විමල්ගේ ඉල්ලීමට මොකක් වෙයිද? විමල් අත්අකුරෙන් ලියූ ලිපියක්




පාර්ලිමේන්තුවේ ස්වාධීන පක්ෂයක් ලෙස කටයුතු කිරීමට ජාතික නිදහස් පෙරමුණ සිදු කළ ඉල්ලීම සම්බන්ධයෙන් අද (23) දිනයේ ද පාර්ලිමේන්තුවේ දී වාද විවාද ඇති වුණා. 

ඒ, සිය ඉල්ලීම සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කථානායකවරයාගෙන් විමසීමත් සමඟයි. 

සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ද එම සංවාදයට මැදිහත් වුණා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද එම අවස්ථාවේ දී අදහස් පල කළා. 

මේ අතර අද පස්වරුවේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා විසින් මීට අදාළව සිය අත්අකුරෙන් ලියූ ලිපියක් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර වෙත භාරදුන් බව ජාතික නිදහස් පෙරමුණ නිවේදනය කළා. 

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවති පක්ෂ නායක රැස්වීමේ දී ද සාකච්ඡා වී තිබෙනවා.

ලබන හත්වනදාට පෙර ඒ පිළිබඳ තීරණයක් ලබාදීමට කථානායකවරයා මෙහිදී එකඟතාව පල කළ බව එම සාකච්ඡාවට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන නෙත් නිවුස් වෙත කියා සිටියා. 

එම ලිපිය පහතින්.