Saturday, September 21, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට චීන සමූහාණ්ඩුවේ පූර්ණ සහය - චීන කොමියුනිස්ට් පක්ෂයේ අමාත්‍යවරයා පවසයි




ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත්වීමට දරන උත්සහයට චීන කොමියුනිස්ට් පක්ෂයේ හා චීන සමූහාණ්ඩුවේ පූර්ණ සහය ලබා දෙන බව චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ අමාත්‍ය සොං තාඕ පවසනවා. 

ඔහු මෙම අදහස් පල කළේ අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවැති සාකච්ජාවකදීයි. අරලියගහ මන්දිරයේදී මෙම සාකච්ජාව පැවැත්වුණා. 

දේශීය හා විදේශීය වශයෙන් දේශපාලන සිතියමෙහි වෙනස්කම් සිදුවුවද එම සියලූම අවස්ථාවල චීනය හා ශ්‍රී ලංකාව යහපත් සබදතා පවත්වාගෙන ගොස් ඇති බවයි එහිදී අවධාරණය කෙරුණේ. 

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ චීනය, ශ්‍රී ලංකාවට දක්වන සහය පිළිබද ප්‍රසාදය පල කරන බවයි.