Saturday, September 21, 2024

General line - 0115112241

නිල සංචාරයක් සඳහා ජනපතිට ඉන්දුනීසියාවෙන් ඇරයුම්




ඉන්දුනීසියාවේ නිල සංචාරයක් සඳහා සහභාගී වන්නැයි එරට ජනාධිපති ජෝකෝ විඩෝඩා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ආරාධනා කර තිබෙනවා. 

ඉන්දුනීසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එම්. එම්. ෆෂීර් අද (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත මේ බව දැනුම් දුන්නා. 

මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන මස 06 සහ 07 යන දිනයන්හි ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර පැවැත්වීමට නියමිත ඉන්දුනීසියානු සාගර කලාපීය සහයෝගීතා කවයේ සමුළුවට සහභාගී වීමට නියමිතයි.

එම සමුළුව අවසන් වීමෙන් පසු ඉන්දුනීසියාවේ නිල සංචාරය සඳහා එක්වන ලෙස ජනාධිපතිවරයා වෙත එම ඇරයුම ලැබී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.
 
ශ්‍රී ලංකාව සෑම විටම නොබැදි පිළිවෙත අනුගමනය කරමින් වෙනත් පාර්ශවවලට හිරිහැරයක් සිදු නොවන ලෙස ජාත්‍යන්තර සබදතා පවත්වන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කළා.