Saturday, September 21, 2024

General line - 0115112241

මහා ශිව රාත්‍රී දිනය අදයි




ලොව පුරා හින්දු බැතිමතුන් අද (24) මහා ශිව රාත‍්‍රී දිනය සමරනවා.

තමා ආධ්‍යාත්මික ශික්ෂණය පතා උපවාසයෙන් හා නිදිවර්ජිතව රැය පහන් කිරීම ශිව දෙවියන් වෙත තම කෘතවේදීත්වය පළ කරමින් පුද පූජා පවත්වමින් හින්දු බැතිබතුන් මහා ශිව රාත‍්‍රී දිනය සමරනු ලබනවා.

මහා ශිව රාත‍්‍රී දිනය වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙන්නේ සියලූම ආගම්වල ප‍්‍රමුඛතම අපේක්ෂාව සහ අරමුණ වන්නේ සභ්‍යත්වයක් සහිත මිනිසුන් වශයෙන් සියල්ලන් ජීවත් විය යුතුය යන්නයි.

සියලු ආගමික වතාවත් හා සැමරුම් පවත්වන්නේ එකී ආගමික හරයන් පිළිබඳ ඉගැන්වීම් සිහිකැඳවනු පිණිස බවද එම නිවේදනයේ සඳහන්.

මිනිසා තුළ ඇති අවිද්‍යාව නම් අඳුරත් අහංකාරයත් දුරලා සාමය සහ ආදරය ඔවුන් වෙත ළඟාකර දීමේ අරමුණින් කලානූරූපව විවිධ ආගමික උත්සව පැවැත්වීම වැදගත් බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

නවීන තාක්ෂණික ලෝකය තුළ පවා මිනිසාට මිනිසත් බවේ අභිමානය රැක ගනිමින් ජීවත් වීමට එවැනි ආගමික උත්සව වෙසෙසින්ම ඉවහල් වී ඇති බව ද ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.