Friday, September 20, 2024

General line - 0115112241

ඉන්ධන දුම්රියක් පීළි පැනීමෙන් උතුරු මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්




ඉන්ධන ප්‍රවාහන දුම්රියක් උතුරු දුම්රිය මාර්ගයේදී අද (26) අලුයම පීළි පැනීමකට ලක්ව තිබෙනවා.

කොළොන්නාවේ සිට අනුරාධපුරය බලා ධාවනය වෙමින් තිබූ මෙම දුම්රිය සෙනරත්ගම සහ තඹුත්තේගම අතරදී අද අලුයම 4.20 ට පමණ මෙලෙස පීළි පැනීමකට ලක්වුණා.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ මේ වන විටත් එහි පීළිගත කිරීම් සිදුවෙමින් ඇති බවයි.

මේ හේතුවෙන් අද අලුයම 5.00 අනුරාධපුරය සිට කොළඹ බලා ධාවනයට නියමිතව තිබූ දුම්රිය ප්‍රමාද වන බවයි දුම්රිය පාලක මැදිරිය වැඩි දුරටත් සඳහන් කළේ.