Friday, September 20, 2024

General line - 0115112241

ශ්‍රීලනිප ඇරයුමට පිළිතුරු දෙන්න ඒකාබද්ධ විපක්ෂය රැස්වෙයි




ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධාකය සභා රැස්වීමට සහභාගී වන ලෙස ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරුන්ට ලැබී ඇති ආරාධනාව සම්බන්ධයෙන් ලබන අඟහරුවාදා තීරණයක් ගන්නා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන පවසනවා.

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේ දී සාකච්ඡා කර එම තීරණය ගන්නා බවයි මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඉදිරි මැතිවරණය සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව තරග වැදීමට ඒකාබද්ධ විපක්ෂය සූදානමින් සිටින බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් ද මන්ත‍්‍රීවරයා නෙත් නිවුස් වෙත අදහස් පල කළා.

එහිදී ඔහු සඳහන් කළේ මෙතෙක් එවැනි තීරණයක් ගෙන නොමැති බවයි. වර්තමානයේ ශ්‍රී ලංකාවේ ඡන්ද සිතියම පවා හකුලාගෙන ඇති බවයි ඔහු පැවසුවේ.