Sunday, September 8, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ඒ පිළ එංගලන්ත සිංහයන් පරදවයි




සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමග පැවති දෙවන සිව්දින ක‍්‍රිකට් තරගය කඩුළු 03 කින් ජය ගැනීමට ශ‍්‍රී ලංකා ඒ කණ්ඩායම අද (27) සමත් වුණා.

එංගලන්ත ලයන්ස් කණ්ඩායම පළමු ඉණිම සඳහා රැස් කළ ලකුණු සංඛ්‍යාව 353 ක්. ඊට පිළිතුරු ලෙස ශ‍්‍රී ලංකා ඒ කණ්ඩායම පළමු ඉණිමට ලකුණු 548 ක් රැස් කළා.

එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ දෙවන ඉණිමට රැස් කළේ ලකුණු 284 ක් පමණයි. ඒ අනුව ශ‍්‍රී ලංකා ඒ කණ්ඩායමට ජයග‍්‍රහණය සඳහා ලකුණු 90 ක ඉලක්කය හිමිවූණා. ශ‍්‍රි ලංකා ඒ කණ්ඩායම එම ඉලක්කය කඩුළු 07ක් පමණක් දැවී පසුකර යමින් තරගයේ ජය වාර්තා කළා.

මෙම තරගයේදී දිමුත් කරුණාරත්න ද්විත්ව ශතකයක් සහ සදීර සමරවික‍්‍රම ලකුණු 185 ක් රැස් කරමින් පිත්තෙන් දස්කම් දැක්වූවා.

මලින්ද පුෂ්පකුමාර මෙම තරගයේදී දවාගත් කඩුළු සංඛ්‍යාව 13ක්. තරගය පැවැත්වුණේ රංගිරි දඹුලූ ජාත්‍යන්තර කි‍්‍රකට් ක‍්‍රීඩාංගණයේදීයි.