Friday, September 20, 2024

General line - 0115112241

සරසවි ප‍්‍රවේශය අපේක්ෂාවෙන් සිටින අයදුම්කරුවන්ට විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවෙන් කුඩම්මාගේ සැලකිලි




විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව දුරකථන ඇමතුම්වලට ප‍්‍රතිචාර නොදැක්වීම නිසා තමන් අපහසුතාවකට පත්ව සිටින බව විශ්ව විද්‍යාල ප‍්‍රවේශය අපේක්ෂාවෙන් සිටින අයදුම්කරුවන් පවසනවා.

තමන්ට විශ්වවිද්‍යාල ප‍්‍රවේශය ලැබී ඇත්දැයි දැනගැනීමට ද නොහැකි වී ඇති බවයි ඔවුන් කියා සිටියේ. 

දිගින් දිගටම ලැබුණු මෙවැනි පැමිණිලි නිසා නෙත් නිවුස් ද විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවට දුරකථන ඇමතුම් ලබාගත්තා.

අවස්ථා ගණනාවකදීම මෙලෙස විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවට දුරකථන ඇමතුම් ලබාගත්තත් ඒ කිසිදු අවස්ථාවකදී නිලධාරියෙකු සම්බන්ධ කරගැනීමට අපට නොහැකි වුණා.