Friday, September 20, 2024

General line - 0115112241

ආණ්ඩුව ලබාදුන් පොරොන්දුව මෙතෙක් ඉටු කර නෑ - පාර්ලිමේන්තු මන්ත‍්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමි




ජාතික ප‍්‍රතිපත්ති සභාවක් සකසන බවට ආණ්ඩුව ලබාදුන් පොරොන්දුව මෙතෙක් ඉටු කර නැතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. 

රතන හිමියන් විසින් ඊයේ කැඳවන ලද ශ‍්‍රී ලංකා මහ සභාවේ පළමු මහ සමුළුවේදී මෙම අදහස් පළ කෙරුණා. 

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති මෙම සමුළුවට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ද එක්ව සිටියා. 

සුසිල් පේ‍්‍රම්ජයන්ත්, මහින්ද අමරවීර සහ ඩිලාන් පෙරේරා යන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන්ද මෙම සමුළුවට එක්වුණා. 

සමුළුව අමතමින් රතන හිමියන් මෙහිදි වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ රටට අහිතකර ඒකාධිපති බලතල ඉවත් කර විධායක ජනපති ධුරය පාර්ලමේන්තුවට වග කියන තත්ත්වයට පත් කළ යුතු බවයි.

‘තිරසාර යුගයකට මග’ රට හදන ජාතික සැලැස්ම ග‍්‍රන්ථය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදුකෙරුණා.