Friday, September 20, 2024

General line - 0115112241

ගම්මන්පිළට එරෙහිව සාක්ෂි දෙන්න ඔස්ටේ‍්‍රලියානු යුවලක් මහාධිකරණයට




පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිලට එරෙහිව පවරා ඇති නඩුවකට අදාළව සාක්ෂි ලබා දීමට ඔස්ටේ‍්‍රලියානු යුවලක් කොළඹ මහාධිකරණයට අද පැමිණියා.

මෙම ඔස්ටේ‍්‍රලියානු ජාතිකයාට අයත් රුපියල් මිලියන 21ක මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණය, උදය ගම්මන්පිල මන්ත‍්‍රීවරයාට එරෙහි චෝදනාවයි.

නඩුවට අදාළ සාක්ෂි විමසීම මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ හමුවේ සිදු කෙරෙනු ඇති. 

මෙම  ඕස්ටේ‍්‍රලියානු ජාතික යුවල හට මහාධිකරණයේ පෙනී සිටින ලෙස ඉකුත්දා නොතීසි නිකුත් කෙරුණා.