Friday, September 20, 2024

General line - 0115112241

දොස්තර රාජිත ගැන දොස්තරලා ජනපතිට කියන්න යයි...




මාලඹේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ප‍්‍රසිද්ධියේ කරන ප‍්‍රකාශ සහ ඔහුගේ නීතිඥවරුන් අධිකරණයේදී කරන ප‍්‍රකාශ එකිනෙකට පරස්පර බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ද දැනුම් දෙන බවයි එහි සහකාර ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ කොළඹ අද (02) පැවැත් වූ මාධ්‍ය හමුවකදී කියා සිටියේ. 

සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් උතුරු පළාතේ වෛද්‍යවරුන් මේ වන විට වැඩවර්ජනයක ද යෙදී සිටිනවා. හෙට උදෑසන 8.00 දක්වා මෙම වැඩවර්ජනය සිදුකෙරෙන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටියේ. හෙට දිනයේදී බස්නාහිර පළාතේ වෛද්‍යවරුන් මෙලෙස වැඩවර්ජනයේ නිරත වන බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.