Friday, September 20, 2024

General line - 0115112241

වැසි සහිත කාලගුණය තවදුරටත්! විදුලි සැරෙන් අයෙක් මරුට




වැසි සහිත කාලගුණය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. හෙට සහ අනිද්දා දින දෙකේදී වරින් වර තද සුළං ද ඇති විය හැකි බවටයි අනතුරු අඟවා තිබෙන්නේ. ඇතැම් ප‍්‍රදේශවලට මිලිමීටර් සියය ද ඉක්ම වූ වර්ෂාවක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා. 

මාතර කඹුරුගමුව කලටියාවල ප‍්‍රදේශයේදී විදුලිසැර වැදී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 74ක් වූ පුද්ගලයෙක්. සිය නිවසේ සවිකර ඇති වතුර මෝටරය කි‍්‍රයාත්මක කිරීමට යාමේදී ඔහු මෙම අනතුරට ලක්ව තිබෙනවා.