Friday, September 20, 2024

General line - 0115112241

වෛද්‍ය වර්ජනය දීර්ඝ කරයි (UPDATE)




රජයේ වෛද්‍ය නිලධාරීන් පැය හතරක සංඛේත වැඩවර්ජනයක් ලෙස ආරම්භ කළ වෛද්‍ය වර්ජනය දීර්ඝ කිරීමට කටයුතු කළ බව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

(එම නිවේදනය පහතින් දැක්වෙයි)


 

----------------------------------------

වෛද්‍යවරු අද බස්නාහිර වැඩ වරති

(03-03-2017 06:05)

සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් බස්නාහිර පළාතේ වෛද්‍යවරුන් අද (03) වැඩවර්ජනයක නිරත වනවා.

ඒ පිළිබඳ කරුණු දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළේ අද පෙරවරු 8.00 සිට 12.00 දක්වා සංඛේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි. කෙසේවෙතත් 12.00 න් පසු තත්ත්වය සාකච්ඡා කර වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන්නේද යන්න පිළිබඳව තීරණයක් ගන්නා බවත් පැවසුවා.

වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් බස්නාහිර පළාතේ රෝහල්වල ප‍්‍රතිකාර සේවා අද අඩාල විය හැකි බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

කෙසේ වෙතත් රෝගී ජීවිත අවදානමට ලක් නොවන පරිදි කටයුතු කිරීමට තමන් උපරිමයෙන් උත්සහ කරන බවයි වෛද්‍ය හරිත අලුත්ගේ වැඩිදුරටත් කියා සිටියේ. 

ඒ අනුව හදිසි ප්‍රතිකාර කටයුතු සියලුම රෝහල්වල එලෙසම ක්‍රියාත්මක වෙන බවත් සඳහන් කෙරුණා. රිජ්වේ ආර්යා ළමා රෝහල, ද සොයිසා කාන්තා රෝහල, කාසල්වීදිය කාන්තා රෝහල, මහරගම අපේක්ෂා රෝහල ආදී රෝහල්වල වැඩවර්ජනය සිදු නොකෙරෙන බවත් සඳහන් කෙරුණා.

සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් උතුරු පළාතේ වෛද්‍යවරුන් ඊයේ (02) මෙලෙස වැඩවර්ජනයක නිරත වුණා.