Friday, September 20, 2024

General line - 0115112241

උසාවි බිමට ගිනිඅවි ගෙනා රෝසාට පොලිසියෙන් ප්‍රශ්න වැලක්




ගල්කිස්ස අධිකරණ පරිශ‍්‍රයේ තිබී ගිනි අවි සහ උණ්ඩ සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු එහි ප‍්‍රධාන සැකකරු බව කියන පුද්ගලයාගෙන් පොලිසිය තවදුරටත් ප‍්‍රශ්න කරමින් සිටිනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දොන් සාලු රොෂාන් ඉන්දික ද සිල්වා නොහොත් රෝසා නමැත්තායි.

ඊයේ (02) රාත‍්‍රියේ නීතිඥයෙකු මගින් පොලිසියට භාරවීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගැණුනා. මෙම පුද්ගලයා ගොනාකෝවිලේ රොහා නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ ප‍්‍රබල විරුද්ධවාදියෙකු බවද සඳහන්.

ගල්කිස්ස අධිකරණ පරිශ‍්‍රයේ තිබී ගිනි අවි සහ උණ්ඩ සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගැණුනු පුද්ගලයින් 20 දෙනා එම අධිකරණය පරිශ‍්‍රය වෙත මුදල් ගෙවා ගෙන්වා ඇත්තේ ද ඔහු විසින් බවට පොලිසිය සැක කරනවා.

ප‍්‍රශ්න කිරීම්වලින් පසු මෙම පුද්ගලයා අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත ජයකොඩි පැවසුවේ.  සොයාගත් ගිනි අවි අතර චීනයේ නිෂ්පාදිත පිස්තෝලයක් සහ රිවෝල්වරයක් ද වනවා.