Friday, September 20, 2024

General line - 0115112241

සැකකරු පළා යයි - පොලිසියේ 03 ක් අමාරුවේ




පොලිස් අත්අඩංගුවේ සිටිය දී හටගත් රෝගී තත්වයක් හේතුවෙන් මන්නාරම රෝහලට ඇතුළත් කළ සැකකරුවෙකු පලායාමේ සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මංකොල්ලකෑම් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු රෝගී තත්වයක් හේතුවෙන් රෝහල් ගත කළ බවයි. එහිදී සැකකරු පළා ගොස් තිබෙනවා.

පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලිස් ස්ථානයේ කොස්තාපල්වරුන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බවයි.