Friday, September 20, 2024

General line - 0115112241

අනතුරුදායක රැකියාවලට ජීවිත රක්ෂණ අනිවාර්ය කිරීමේ සුදානමක්




අනතුරුදායක රැකියාවල නිරත පෞද්ගලික අංශයේ සේවකයින්ට ජීවිත රක්ෂණ අනිවාර්ය කිරීමේ නව නීති කඩිනමින් ගෙන එන බව කම්කරු අමාත්‍ය ඩබ්ලිව් ඞී ජේ සෙනෙවිරත්න පවසනවා.

එමෙන්ම සේවක මරණයකදි ගෙවන වන්දි මුදල දෙගුණයකින් වැඩි කිරීමට සහ කර්මාන්ත ශාලා ආඥා පනත සංශෝධනය කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

කර්මාන්තශාලා සහ වැඩබිම්වල සේවකයන් කිහිපදෙනෙකු පසුගිය දිනවලදි මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මෙම ක‍්‍රියාමාර්ග ගන්නා බවයි කම්කරු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.