Friday, September 20, 2024

General line - 0115112241

නීති විරෝධී ලෙස ධීවර කටයුතු කළ ඉන්දීය ධීවරයන් 05 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට




නිති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයන් 05 දෙනෙකු නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, නාවික නෞකා ගජබා ආයතනයට අනියුක්ත නිළධාරින් පිරිසක් මන්නාරම මුහුදු සිමාවේදී සිදු කළ මෙහෙයුමකදීයි. 

ඉන්දීය ධීවරයන්ට අයත් ට්‍රෝලර් යාත‍්‍රාවක්ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. 

අත්අඩංගුවට ගැණුනු ධීවරයන් සහ ධීවර ආම්පන්න තොගය නීතිමය කටයුතු සඳහා මන්නාරම  සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලය වෙත භාර දුන් බවයි නාවික හමුදාව සඳහන් කළේ.