Friday, September 20, 2024

General line - 0115112241

වැඩි මිලට සහල් විකුණු වෙළඳුන්ට වැඩ වරදී




පාලන මිලට වඩා වැඩි මිල ගණන්වලට සහල් අළෙවි කළ වෙළඳුන්ගෙන් පසුගිය පෙබරවාරි මාසයේදී රුපියල් මිලියන දාහතර දහසක දඩ මුදලක් අය කරගෙන ඇති බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදින් පවසනවා. 

වැඩි මිලට සහල් අළෙවි කළ වෙළඳුන් එක්දහස් පන්සියයක් පමණ පාරිභෝගික සේවා අධිකාරය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් මෙම දඩ මුදල අය කරගෙන ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

වව්නියාවේ අද පැවති මාධය හමුවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා. 

සහල් වැඩි මිලට විකුණන වෙළඳුන් අත්අඩංගුවට ගැනිමට ගම් මට්ටමින් මෙහෙයුම් ක‍්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.