Friday, September 20, 2024

General line - 0115112241

මන්නාරම පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්




මන්නාරම පොලිස් ස්ථානයේ රාජකාරි කළ කොස්තාපල්වරුන් තිදෙනෙකුගේ සේවය අත්හිටුවා තිබෙනවා. 

ඒ, වව්නියාව සහ මන්නාරම දිසාව භාර දේශබන්දු තෙන්නකෝන්ගේ නියෝගයකට අනුවයි.

පොලිස් ආරක්ෂාව යටතේ රෝහල් ගත කර සිටි සැකකරුවකු පළා යාමේ සිද්ධයක් හේතුවෙන් මෙම නිළධාරීන් තිදෙනාගේ සේවය අත්හිටුවා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

මන්නාරම ප‍්‍රදේශයේ ගෙවල් බිඳිම් සහ  මංකොල්ලකෑම් කිහිපයක් සම්බන්ධයෙන් සැකපිට එමස සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.