Friday, September 20, 2024

General line - 0115112241

පොලිසියේ 05 දෙනෙක් සහ නාවික හමුදාවේ දෙදෙනෙක් සී.අයි.ඞී. අත්අඩංගුවට




කොළඹ අවට ද්‍රවිඩ පාසල් සිසුන් 11 දෙනෙකු  පැහැර ගෙන ගොස් අතුරුදන් කිරිමේ චෝදනාව යටතේ නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නාවික හමුදාවේ කොමදෝරුවරයෙකු සහ සංඥා සෙබළෙක්.
  
මේ අතර 2007 වසරේ වාද්දුව පොලිස් ස්ථානය තුළ සැකකරුවකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පොලිස් නිළධාරින් පස් දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අත්අඩංගුවට ගනු ලැබුවා.

පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් 04 දෙනෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.