Friday, September 20, 2024

General line - 0115112241

නීති විරෝධී ගිනි අවි සොයා අද සිට මෙහෙයුම්




නීති විරෝධි ගිනි අවි සංසරණය මැඩපැවැත්විම සඳහා අද සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිසිය පවසනවා.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මේ බව කියා සිටියේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

රටේ සිදුවන වර්තමාන අපරාධ සහ පොලිසියේ ක‍්‍රියාමාර්ග පිළිබඳ පැහැදිලි කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණා. 

කළුතරදී බන්ධනාගාර බස් රථයකට එල්ල වූ ප‍්‍රහාරය සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කෙරුණා.