Friday, September 20, 2024

General line - 0115112241

අතුරුගිරියේ ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ආමි නුවන් අල්ලයි




අතුරුගිරිය නගරයේ රූපලාවණ්‍යාගාරයකදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරුවන ගීතනවත්ත ආරච්චිගේ අමිල නුවන් හෙවත් ආමි අමිල පොලිසිය මගින් අද අත්අඩංගුවට ගත්තා.

සැකකරු කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 17වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. 

ඉකුත් ජනවාරි මස  සිදුවු මෙම වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වාගේ රියදුරකු වන ට‍්‍රනිල් බණ්ඩාර ධර්මසිරි නැමැත්තායි. 

මේ අතර ගල්කිස්ස අධිකරණ පරිශ‍්‍රයට ගිනි අවි රැගෙන යාමේ සිද්ධිය සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට භාර වූ ශාලූ රොෂාන් ඉන්දික ද සිල්වා නැමැත්තා මේ මස 13 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.