Friday, September 20, 2024

General line - 0115112241

රවිරාජ් ඝාතන නඩුවේ සැකකරුවකුට යළි නොතීසි




හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නඩරාජා රවිරාජ් ඝාතනයේ විත්තිකරුවකුට අභියාචනාධිකරණය අද (03) යළි නොතිසි නිකුත් කළා.

ඒ, මීට පෙර මෙම ඝාතනය නඩුවෙන් නිදහස් කරනු ලැබු විත්තිකරුවන් පස්දෙනා අතුරින් දෙවැන්නාටයි. 

ඒ අනුව මාර්තු මස 31 වනදා ඔහුට අධිකරණයේ පෙනී සිටින ලෙසයි අභියාචනාධිකරණය අද නියෝග කළේ. 


නඩරාජා රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය ලබා දුන් තින්දුව ඉවත දමන ලෙස ඔහුගේ බිරිඳවන සශිකලා රවිරාජ් ගොනු කර ඇති පෙත්සමට අදාළව සෙසු විත්තිකරුවන්ට නොතිසි ලැබි තිබුණත්, දෙවන විත්තිකරුට තවමත් නොතීසි ලැබි නොමැති බවට අධිකරණයට කරුණු වාර්තා වීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කෙරුණා.